Monday, May 20, 2024

General line - 0115112241

GSP + ගැන ඉන්ද්‍රජිත් අපොන්සු කියන කතාව



GSP + සහනය පිළිබඳව පසුගිය කාලය පුරාවටම සමාජයේ කතා බහ වුණා.ආණ්ඩු පාර්ශවය දිගින් දිගටම ප්‍රකාශ කළේ නොබෝ දිනකින්ම GSP + සහනය ලංකාවට ලබාගැනීමට කටයුතු කරන බවයි.කෙසේ නමුත් GSP + සහනය ලබා ගැනීමට නම් යුරෝපා සංගමය පනවන කොන්දේසි බොහොමයක් සම්පූර්ණ කළයුතුව ඇති බවයි විවිධ පාර්ශව සඳහන් කළේ.

GSP + සහනය ලංකාවට ලබාදීමට අදාල කොන්දේසි අතරට තමන්ගේ විවාහ නීතියට අදාල කොන්දේසියක් ඇති බව පවසා පසුගිය දිනෙක තව්හිද් ජමාත් සංවිධානය උද්ඝෝෂණයක්ද පැවැත්වුවා.

කෙසේ නමුත් මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අප කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු සම්බන්ධ කරගත්තා.

මෙහිදී ඔහු පැවසුවේ ලංකාව වැනි රටක දියුණුව ලැබීමට නම් මෙවැනි බදු සහන ලැබිය යුතු බවයි.

නෙත් එෆ්. එම්. අනිලිමිටඩ් වැඩසටහනට ඊයේ (08) එක්වෙමින් හෙතෙම මේ බව දීර්ඝ වශයෙන් පැහැදිළි කළා.

(එම සාකච්ඡාව පහතින් දැක්වෙයි)