Friday, April 26, 2024

General line - 0115112241

මාර්ග නීති දඩයේ වෙනසක් නැහැ – මුදල් ඇමතිගෙන් ප‍්‍රකාශයක්




මාර්ග නීති පිළිබද විනයක් සහ ගරුත්වයක් ජනතාව තුළ ඇති කිරීමේ ක‍්‍රමයක් ලෙස මෙවර අයවැයෙන් වාහන නීති කඩකරන්නන්ට එරෙහිව රුපියල් දෙදහස් පන්සියයක අවම දඩයක් පැනවූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

අමාත්‍යවරයා කියාසිටියේ මාර්ග නීති නොසලකා හැරීම ඇතුළු නීති උල්ලංගණය කිරීම් රටේ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වී ඇති බවයි.

අයවැය සකස් කිරීමේදී ලද යෝජනාවලින් සියයට 90 ක් යොමු කර තිබුණේ රටේ සියලූ ක්‍ෂේත‍්‍රයන්හි විනය ඇති කිරීම සහ නීතිය පිලිපැදීම පිළිබද අවධානය යොමුකරමින් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එබැවින් පනවන ලද රුපියල් දෙදහස් පන්සියයේ අවම දඩය ඉවත් කිරීමක් සිදු නොකරන බවද මෙහිදී අවධාරණය කෙරුණා.

මෙම යෝජනාවට එරෙහිව පෞද්ගලික බස් සංගම් කි‍්‍රයාත්මක කිරිමට නියමිත වර්ජනය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පළ කළා.

මාර්ග නීති නිරතුරුව කඩ කරන්නේ ඔවුන් බව ඔවුන් විසින්ම පිළිගන්නා බව මෙයින් ඔප්පු වන්නේ යැයි රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.