Thursday, April 18, 2024

General line - 0115112241

රංගනගේ රංගනය තවත් අවුරුද්දක්




තමාට තවත් වසරක පමණ කාලයක් පහසුවෙන් කි‍්‍රඩා කළ හැකි බව සිම්බාබ්වේ සංචාරයේදී ශී‍්‍ර ලංකා ටෙස්ට් කණ්ඩායමට නායකත්වය දුන් රංගන හේරත් පවසනවා.

එම කාලය තුළ තමාගෙන් සියයට සියයකම දායකත්වයක් කණ්ඩායමට ලබාදීමට හැකි බවයි ඔහු පවසන්නේ.

38 හැවිරිදි වියේ පසුවන රංගන මේ බව ප‍්‍රකාශ කළේ එළඹෙන දකුණු අපි‍්‍රකානු සංචාරය පිළිබඳ අදහස් දක්වමින්.

එහිදී ඔහු ප‍්‍රකාශ කළේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලද ටෙස්ට් තරගාවලි ජයග‍්‍රහණය දකුණු අපි‍්‍රකානු තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම ලද දිරිගැන්වීමක් බවයි.

ශී‍්‍ර ලංකා – දකුණු අපි‍්‍රකා ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 26 වනදා පෝර්ට් එලිසබත්හිදී ආරම්භ වනවා.