Friday, April 26, 2024

General line - 0115112241

අවුරුදු 56 කට පසු ජැකී චෑන්ට ඔස්කාර් සම්මානයක්




වසර 56 කට ආසන්න කාලයක් සිනමා ක්ෂේත‍්‍රයට ලබාදුන් විශිෂ්ට දායකත්වය ඇගයීමට ලක් කරමින් ජනප‍්‍රිය නළු ජැකී චෑන් ඔස්කාර් ගරු සම්මානයකින් පිදුම් ලබා තිබෙනවා.

සම්මානය ලබා ගැනීමෙන් පසු ජැකී චෑන් පැවසුවේ චිත‍්‍රපට දෙසියයකට අධික සංඛ්‍යාවක රඟපා ඇති තමන්ට අවසානයේ ලැබුණු මෙම සම්මානය ඉතා අගය කොට සලකන බවයි.

අවුරුදු අටේ දී පළමු වරට චිත‍්‍රපටයක රඟපෑ ඔහු මේ වනවිට හැට දෙහැවිරිදි වියේ පසුවනවා. ජැකී චෑන්ට මෙම ගරු සම්මානය පිරිනැමීමේ අවස්ථාවට සිල්වෙස්ටර් ස්ටැලෝන්, නිකෝල් කිඩ්මන් හා රිචර්ඩ් ගියර් ඇතුළු ලොක් ප‍්‍රකට සිනමා තරු රැසක් එක්ව සිටියා.

1 3 519054-jackie-chan-oscar-afp academymotionpictureartssciences8thannualnzrtilv8ieux jackie-chan-01