Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ජය ලබයි – උපුල් තරංග පළමු කඩයිම පනියි




සිම්බාබ්වේ හි පැවැත්වෙන තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.

එ් සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 8 කින් පරාජය කරමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 154 කට සීමා කිරීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 24 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග‍්‍රාහී සීමාව පසුකර යාමට සමත් වුණා.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 78 යි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 41 ක් රැස් කළා. තරගය පැවැත්වුණේ හරාරේ කී‍්‍රඩාංගණයේදීයි.

මෙම තරගය උපුල් තරංග නායකත්වය ලබා දුන් ප්‍රථම තරගයද වනවා.


ශ්‍රී ලංකාවට පහසු ඉලක්කයක්

(Nov 14, 2016 @ 17:10)

තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 154 කට සීමා කිරීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් අද (14) සමත් වුණා.

හරාරේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් පීටර් මුවර් ලකුණු 47ක් රැස් කළා.

මෙම තරගයේදී මංගල එක්දින වරම් දිනු අසේල ගුණරත්න ලකුණු 21 කට කඩුලු 3ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවා.

නුවන් කුලසේකර, සුරංග ලක්මාල් සහ නුවන් ප‍්‍රදීප් අතරේ කඩුලු දෙක බැගින් බෙදීගියා. තරගය ජයග‍්‍රහණය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 155ක් ලබා ගත යුතුයි.

මේ වන විට පිළිතුරු ඉනිම ආරම්භ කර ඇති ශ්‍රී ලංකා පිල කිසිඳු කඩුල්ලක් නොදැවි ලකුණු 15 ක් ලබා සිටිනවා.

15046217_10211289506059747_303298947_n 15046297_10211289506139749_1947010873_n 15050161_10211289520540109_99808115_n 15064132_10211289588261802_1189033402_o