Saturday, April 20, 2024

General line - 0115112241

බොනකොට දැන් මතක් කරන්නෙ ‘රවී’




යහපාලන ආණ්ඩුව පවතින තුරු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමන්ගෙන් ප‍්‍රශ්න කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පවසනවා.

අද (14) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට ප‍්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍යහමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “සාමාන්‍යයෙන් මිනිස්සු බොනකොට වෙනදා කියන්නෙ කවි.. දැන් මතක් කරන්නෙ රවී ගැන.. පාරේ ගිහිල්ලා මිනිහෙක් හැප්පෙන්නෙ නැත්නම් අනතුරක් වෙන්නෙ හිතා මතා නෙමෙයි. මේ මෝඩ ඇමතිවරු හිතන් ඉන්නෙ මිනිස්සු රිය අනතුරු කරගන්නෙ කැමැත්තෙන් කියලා.”