Monday, November 11, 2024

General line - 0115112241

විනාශ කෙරුණු පිළිමය වෙනුවෙන් තරුණයින් පිරිසක් නව පිළිමයක් තැන්පත් කරයි




කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් හානි කරන ලද කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ බුද්ධ ප‍්‍රතිමාව වෙනුවට ඊයේ (14) නව බුද්ධ ප‍්‍රතිමාවක් තැන්පත් කෙරුණා.

ඒ පිළිබඳ කරුණු දැක්වූ එම විහාරාධිකාරී ‘අපේ මව්බිම’ ජාතික ව්‍යාපාරයේ සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ මේදානන්ද හිමියන් සඳහන් කළේ මෙම සිද්ධිය පිළිබඳව සමාජ ජාල හරහා තොරතුරු දැනගත් කරුණයින් පිරිසක් විසින් නව බුදු පිළිම වහස්සේ නමක් තැන්පත් කළ බවයි.

බෞද්ධයන්ගේ වන්දනාවට පාත‍්‍ර වන බුද්ධ ප‍්‍රතිමා ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමක් බවද මෙහිදී සිහිපත් කෙරුණා.

ආණ්ඩුව එම වගකීම ඉටු නොකරන්නේ නම් බුදු දහම රැකගැනීමට ජනතාව පෙළගස්වන බවයි පූජ්‍ය විතාරන්දෙණියේ මේදානන්ද හිමියන් වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේවෙතත් මෙම බුදු පිළිම වහන්සේ විනාශ කර දැමීම කිසියම් ආගමික කණ්ඩායමක් විසින් සිදු කළේ නම් ඒ පිළිබඳව වඩාත් කළකිරීමකට හා එම ක්‍රියාව බෞද්ධයින් ලෙස දැඩි සේ හෙළාදකින බවත් මේදානන්ද හිමියන් සඳහන් කළා.