Saturday, September 21, 2024

General line - 0115112241

අරලියගහ මැදුර වටලන්න විපක්ෂයේ පිරිසක් බලන් හිටියලු




ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව උද්ඝෝෂණවල නිරත වන හිලරි හිතවාදීන් පරාජය දරා ගැනීමට ශ‍්‍රී ලංකාවෙන් ඉගෙන ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා.

මන්ත‍්‍රීවරයා ඒ බව පැවසුවේ ඉකුත් දා පැවති ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල ප‍්‍රතික්ෂේප කරමින් අමෙරිකාවේ දිගින් දිගටම සිදුවන උද්ඝෝෂණ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.

2015 ජනවාරි 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජය නොගෙන මහින්ද රාජපක්ෂ මහතා ජයගත්තේ නම් ශ‍්‍රී ලංකාවේ ද එදා ඇති වීමට නියමිතව තිබුණේ අද අමෙරිකාවේ වැනි තත්ත්වයක් බව ද උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා මෙහිදී කියා සිටියා.

එහිදී හෙතෙම සඳහන් කළේ “එදා මහින්ද රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කළා නම් විපක්ෂයේ කණ්ඩායම් පාක්ෂිකයන් සමග පැමිණ අරලිය ගහ මන්දිරය වටලන්න හිටියේ කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා.” යනුවෙනි.