Saturday, September 21, 2024

General line - 0115112241

උසස් පෙළ ‘ටැබ්’ ගැන සරසවි ආචාර්යවරු මත දෙකක




උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක නොමිලේ ලබාදීමට අයවැයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාව සම්බන්ධයෙන් ද තවදුරටත් විවිධ මත පළ වනවා.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මේ සම්බන්ධයෙන් සිටින්නේ එකිනෙකට පරස්පර මතවලයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කළේ “ටැබ් දෙනවට වැඩිය අධ්‍යාපනයේ වෙනස් වෙන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඕවා ප්‍රයෝජනවත්ද කියන දේට වඩා ආකර්ෂණීය වෙලා තියෙනවා. අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණය පැත්තෙන් ගත්තාම ඕක කිසිම ප්‍රයෝජනයක් ඇති දෙයක් නෙමෙයි.” යනුවෙනි.

කෙසේ වෙතත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය රංගික හල්වතුර පැවසුවේ අදාළ අයවැය යෝජනාව ඉතා සාධනීය එකක් බවයි.

එහිදී හෙතෙම පැවසුවේ “මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආචාර්යවරයෙකු ලෙස මම දකින්නේ නවීන තාක්ෂණය සෑම වසරකම පන්තියකටම මුසු කළ යුතුයි. සාම්ප්‍රදායික ඉගැන්වීම්වලින් ඈත් වී නවීන ක්‍රම අපි ප්‍රයෝජනයට ගත යුතුයි. ඇතැම් පළාත්වල ගුරු හිඟය පියවීමටත් මෙම ක්‍රියාව සාර්ථක පිළිතුරක් සපයයි.” යනුවෙනි.