Saturday, September 21, 2024

General line - 0115112241

කාන්තා මරණ පරීක්ෂණයක් නිසා මරණ පරීක්ෂක ගුටි කයි




කතරගම හදිසි මරණ පරීක්ෂකවරයාට කිසියම් පිරිසක් විසින් ඊයේ (14) රාත‍්‍රියේ පහරදීමක් සිදුකර තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඔහුට අයත් වෙළෙඳසැලක් ඉදිරිපිටදී පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි.

කතරගම නාගහවීදිය ප‍්‍රදේශයේ කාන්තාවකගේ මරණ පරීක්ෂණ කටයුතු ඇය මියගිය දිනයේම සිදුනොකිරීම හේතුවෙන් පහරදීම සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

කතරගම මරණ පරීක්ෂකවරයා සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා. පහරදීමට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.