Saturday, September 21, 2024

General line - 0115112241

2500 දඩය ගැන චෝදනාව දැන් පොලිසිය පිට




රිය අනතුරු සම්බන්ධයෙන් අයවැයෙන් නියම කෙරුණු අවම දඩය පිළිබඳ අද (15) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබෙනවා.

එම සාකච්ඡාවෙන් පසු මුදල් අමාත්‍යවරයා සහ බස් සංගම් අතර අද පස්වරුවේ මේ පිළිබඳව තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ “මේ දඩ ප්‍රශ්නය පොලිසියෙන් යෝජනා කරලා තියෙන්නේ. ඇමතිතුමාටත් හිතා ගන්න බැරිවුණා මේ 2500 කොහින්ද ආවේ කියලා. ඒක යෝජනා කලාම ඒකට බලපාන පාර්ශ්ව තුළින් කරුණු විමසීමක් සිදු නොකළ නිසයි මේ ගැටළුව මේ තරම් දුරදිග ගියේ. නමුත් දැන් ඒ පිළිබඳව දෙපාර්ශ්වයම සාකච්ඡා කරලා විසඳුමකට එන්න පුළුවන්. මම හිතන විදිහට වැරැද්ද කරලා තියෙන්නෙ පොලිසියෙන්.” යනුවෙනි.

බස් සංගම් මගින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කෙරුණු ඉල්ලීම් පිළිබඳව ද ගැමුණු විජේරත්න කරුණු පැහැදිලි කළා. එහිදී ඔහු සඳහන් කළේ උවමනාවෙන් සිදු කරන වැරදි සහ අහඹු ලෙස සිදු වෙන වැරදි ලෙස මෙය කොටස් දෙකක් යටතේ වර්ග කර පැහැදිළි කළ බවයි.