Friday, October 18, 2024

General line - 0115112241

අමරදේවයන්ගේ අවසන් කටයුතු අතරේ සිටි බොරු මාධ්‍යවේදියාට වෙච්ච දේ




අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන්ගේ ආදාහන කටයුතු අවස්ථාවේ මාධ්‍යවේදියෙකු ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අසළ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයා ඇප මත මුදා හැර තිබෙනවා.

කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ ඔහු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

සැකකරු මානසික රෝගී තත්වයකින් පෙළෙන බවයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු පසුගිය නඩු විභාගයේදී අධිකරණයට දැනුම් දී තිබුණේ.

අද දිනයේ සැකකරුගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුනද අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ බවයි වාර්තා වන්නේ.