Thursday, March 28, 2024

General line - 0115112241

රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය ගැන කමල් ගුණරත්න කරුණු කියයි




ශ‍්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ දැනට උතුර සහ නැගෙනහිර ප‍්‍රදේශවල ඇති වී තිබෙන තත්වය කඩිනමින් පාලනය කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවයි.

එසේ නොවුනහොත් එය බරපතල ගැටළුවක් වනු ඇති බවයි විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ගාල්ලේ ඊයේ (19) පැවති උත්සවයක දී කියා සිටියේ.

ආවා කල්ලිය සම්බන්ධයෙන් ද ඔහු මෙහි දී අදහස් පළ කළා. යුද හමුදා බුද්ධි අංශ සක‍්‍රීයව කටයුතු කළේ නම් මෙවැනි තත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට හැකියාව තිබූ බවයි ඔහු අවධාරණය කළේ.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “යුද හමුදාවේ බුද්ධි බලකාය පසුගිය කාලයේ බොහොම බලගතුව තිබුණා. ඒ නිසා ඒ කාලයේ ආවා වැනි කල්ලි ඇති වුණේ නැහැ. නමුත් වර්තමානයේ විවිධ කාරණා නිසා බුද්ධි බලකායේ නිලධාරීන් සිය රාජකාරී ඉටු කිරීමට බයයි.” යනුවෙනි.