Friday, April 26, 2024

General line - 0115112241

සීකුගේ ප‍්‍රසන්න බංග්ලාදේශයේදී වැඩ පෙන්වයි (VIDEO)




බංග්ලාදේශ පි‍්‍රමියර් ලිග් කි‍්‍රකට් තරගාවලියේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 9ක ජයක් වාර්තා කිරීමට කුල්නා ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

චිතගොං හි පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කුල්නා ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 157ක් රැස් කළා.

එම ඉලක්කය හඹාගිය ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට පන්දුවාර 19 යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවි රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 149ක් පමණයි.

වේගවත් ඉනිමක් කි‍්‍රඩා කළ සීක්කුගේ ප‍්‍රසන්න පන්දු 22කදි ලකුණු 53ක් රැස් කළා. ඒ හයේ පහර 7ක් සමගින්.

ඉනිමේ අවසන් කඩුල්ල ලෙස 19 වැනි පන්දුවාරයේදී සික්කුගේ ප‍්‍රසන්න දැවී යාමත් සමග ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ ජයග‍්‍රාහී බලාපොරොත්තු බිඳ වැටුණා.

ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම නියෝජනය කළ කුමාර් සංගක්කාර රැස් කළේ ලකුණු 2ක් පමණයි.

3-32-1024x682

15151566_10211346763171139_182690738_n