Saturday, April 27, 2024

General line - 0115112241

හලාවත කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතකයින් අත්අඩංගුවට




හලාවත වට්ටක්කලිය ප‍්‍රදේශයේ දී ඉකුත් දා සිදු වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඝාතනය සිදු වී දින 47කට පසුවයි.

පොලිසියට හසු නොවී කට්ටි පනිමින් සිටි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට යොදා ගත් බව කියන අවි ආයුධ ද සමගයි.

ඝාතනයට යොදාගත් බව කියන වාහන 03 ක් ද සිය භාරයට ගත් බව හලාවත පොලිසිය පැවසුවා.

ඝාතනයට ලක් වූ නිව්ටන් රෝයි ප‍්‍රනාන්දු නමැති මෙම ව්‍යාපාරිකයා 45 හැවිරිදි වියේ පසු වූ දෙදරු පියෙක්. සිය නිවසේ රැඳී සිටිය දී ඔහු ඝාතනය කර තිබුණා.