Friday, March 29, 2024

General line - 0115112241

ඇසකට හානි වූ ආබාධිත රණවිරුවාට විදෙස් රටක දී සැත්කමක්




කොළඹ පැවති උද්ඝෝෂණයක දී ඇසකට හානි සිදු වූ ආබාධිත රණවිරුවාගේ ඇස සුවපත් කර ගැනීම සඳහා ඔහු විදෙස් රටකට රැගෙන යාමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශල්‍යකර්මයක් සඳහා ඔහු ඉන්දියාව හෝ සිංගප්පූරුවට රැගෙන යාමට නියමිතයි.

නමින් විශ‍්‍රාමික කෝප‍්‍රල් නිශාන්ත මහිරාජ නම් වූ මෙම රණවිරුවාගේ ඇසට හානි සිදුවන්නේ ආබාධිත රණවිරුවන්ට විශ‍්‍රාම වැටුප් ඉල්ලා සිදු කළ උද්ඝෝෂණයේදීයි. ‍

ඔහු ඒ වනවිට ද එක් ඇසක පෙනීමේ දුර්වලතාවයකින් පසුවුණා. ඒ, ක‍්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටි සමයේ එල්ල වූ ප‍්‍රහාරයක් හේතුවෙන් බවයි ඔහු පැවසුවේ. ඉකුත් දා පැවති උද්ඝෝෂණයේ දී හානි සිදුවන්නේ ඔහුගේ අනෙක් ඇසටයි.

මේ වනවිට යුද හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලබන විශ‍්‍රාමික කෝප‍්‍රල් නිශාන්ත මහිරාජ නෙත් නිවුස් සමග සංවාදයට එක්වුණා. එම සංවාදය පහතින් අහන්න

ප‍්‍රතිකාර සඳහා විදෙස්ගත වීමට සියලු කටයුතු සූදානම් බවයි ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

උද්ඝෝෂණයක දී ඇසකට හානි සිදු වූ මෙම රණවිරුවා සුවපත් කර ගැනීම සඳහා මැදිහත් වී කටයුතු කරන බවයි යුද හමුදාව ද ඉකුත් දා ප‍්‍රකාශ කළේ.