Saturday, April 20, 2024

General line - 0115112241

කහ ඉරි ඉවත් කරන්න සූදානම්




මාර්ගවල ඇති කහ පැහැයෙන් යුතු පදික මාරු සුදු පැහැ ගැන්වීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව මහාමාර්ග අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් ඩී. සී. දිසානායක නෙත් නිවුස් වෙත කියා සිටියේ අවපැහැ ගැන්වී ඇති කහ ඉරි, සුදු පැහැයෙන් වර්ණ ගැන්වීම දැනටමත් ආරම්භ කර ඇති බවයි.

ජාත්‍යන්තර මාර්ග නීති සැලකීමේ දී පදික මාරු වර්ණ ගන්වා ඇත්තේ සුදු පැහැයෙන් බව ඔහු සඳහන් කළා. එබැවින් ශ‍්‍රී ලංකාවේ ද කහ ඉරි සුදු පැහැ ගන්වන බවයි ලේකම්වරයා පැවසුවේ.

සුදු පැහැය රාත‍්‍රී කාලයේ දී රියදුරන්ට වඩාත් පහසුවෙන් දර්ශනය වීම ද මෙම තීරණය ගැනීමට තවත් හේතුවක් ලෙසයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.