Thursday, April 25, 2024

General line - 0115112241

හෙට පැය 12 ක ජල කප්පාදුවක්




කළුතර ප‍්‍රදේශ රැසකට හෙට (22) පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා. ඒ අනුව කළුතර උතුර සහ දකුණ, වාද්දුව, පොතුපිටිය, වස්කඩුව හා බෙන්තොට යන ප‍්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව කටුකුරුන්ද, නාගොඩ, පයාගල, මග්ගොන හා බේරුවල යන ප‍්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. කළුවාමෝදර, මොරගොල්ල, දර්ගා නගරය, අලුත්ගම, බෝම්බුවල හා පිලමිනාවත්ත ද ජල සැපයුම අත්හිටුවන ප‍්‍රදේශ අතරට අයත්.

කළුතර කෙත්හේන ජල පවිත‍්‍රාගාරය සඳහා විදුලි සැපයීම අත්හිටුවීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.