Monday, March 20, 2023

General line - 0115112241

විමල් වීරවංශට එරෙහිව ජවිපෙ නඩුව විභාගයට දින නියම කෙරෙයි




පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගොනුකර ඇති නඩුව විභාගයට ගැනීමට කොළඹ වාණිජ මහාධිකරණය අද (21) දින නියම කළා.

ඒ අනුව සිද්ධියට අදාළ නඩුව ලබන වසරේ මාර්තු 10 සහ 15 යන දිනවල විභාගයට ගනු ඇති.

විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා විසින් රචනා කරන ලද ‘‘ නැත්ත වෙනුවට ඇත්ත’’ කෘතියේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සාකච්ඡාවට ලක්වූ කරුණු අන්තර්ගත කිරීමෙන් බුද්ධිමය දේපල පනත යටතේ වරදක් කර ඇති බවටයි චෝදනා ගොනු කර ඇත්තේ.