Monday, March 20, 2023

General line - 0115112241

පොලිසියට වෙඩි තැබූ සැකකරු හඳුනා ගන්න සහාය පතයි (PHOTO)




කුරුණෑගල ප‍්‍රදේශයේ ඉකුත්දා සිදුවූ වෙඩි තැබීමකින් උප පොලිස් පරීක්‍ෂකවරයෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය මහජන සහාය පතනවා.

අදාළ සැකකරු ජාතික හැදුනුම්පත් දෙකක් භාවිත කර ඇති බවටයි දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඉන් එක් හැදුනුම්පතක ඔහුගේ නම සදහන්ව ඇත්තේ කන්දෙගෙදරලාගේ චමිල මධුසංඛ ලෙසයි.

අංක 693, කොට්ටාව, පන්නිපිටිය යන ලිපිනයේ ඔහු පදිංචිව සිටින බව එහි දැක්වෙනවා.

අනෙක් හැදුනුම්පතේ ඔහුගේ නම දැක්වෙන්නේ ජාලන් කණ්ඩම්බි චමින්ද ලෙසයි. 693/2, කුලසෙවන පාර, කොට්ටාව යන ලිපිනයෙහි ස්ථිර පදිංචිය දක්වා තිබෙනවා.

අදාළ සැකකරුගේ ඡායාරූපයක් ප‍්‍රසිද්ධියට පත් කරන්නටත් පොලිසිය කටයුතු කර තිබෙනවා.  නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට වටිනා ත්‍යාගයක් ලබාදෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ.

%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-01 %e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-02