Saturday, April 27, 2024

General line - 0115112241

රුපියල් 5000 සේ නෝට්ටුව තහනම් කරන්න ලු




දූෂිත මුදල් ආර්ථික ප්‍රවාහයට ගෙන ඒම සඳහා රුපියල් 5000 සේ නෝට්ටුව තහනම් කරන ලෙස  ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (21) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවා.

එසේම ඒ හරහා කළු සල්ලි ළඟ තබාගෙන ඇත්තේ රාජපක්ෂවරුද එසේත් නොමැති නම් මහ බැංකු හොරුදැයි යන්න දැනගත හැකි බවත් ඔහු සඳහන් කළා.

“දූෂිත සල්ලි.. මුදල් නෝට්ටු, රත්රන්, මැණික්, මුතු හා දියමන්ති ලෙස ඔවුන් සන්තකයේ තබාගෙන සිටිනවා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය දේපළ සොරකම් කර කළු සල්ලි ළඟ තබාගෙන ඇත්තේ රාජපක්ෂවරුද එහෙමත් නැත්නම් මහබැංකු හොරුද කියලා දැනගන්න ලංකාවේ 5000 සේ නෝට්ටුව අවලංගු කරන්න.. එහෙම වුණාම රටට හෙළි කරන්න බැරි මුදල් බැංකු පද්ධතියට ගෙන එන්න සිදුවෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි 1973 දී එවකට මුදල් ඇමති එන්.එම් පෙරේරා එවකට තිබුණ ඉහළම මුදල් නෝට්ටුව වන රුපියල් 100 නෝට්ටුව තහනම් කළා.” යනුවෙන් එහිදී පැවසුවා.