Friday, March 29, 2024

General line - 0115112241

යන අයට යන්න ලු – පක්ෂය පිරිසිදු කරගන්න ඕනෙලු




වක්‍රව සහාය නොදී කෙලින්ම අලුත් පක්ෂයට සහාය දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අද (21) ඉල්ලීමක් සිදු කෙරුණා.

ඒ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ යි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ඒ හරහා පක්ෂය පිරිසිදු කර ගත හැකි බවයි.

“අලුත් පක්ෂයට යන්න ඕන අයට අපි කියනවා යන්න කියලා.. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. අපිට ඒක තර්ජනයක් නෙවෙයි. කයිවාරු ගහන්නැතිව. වක්‍රව පොහොට්ටුවට සහාය නොදී.. ඒක උලුප්පලා තියන්න කටයුතු නොකර කරුණාකරලා.. යනවා නම් යන්න.” යනුවෙන්ද සඳහන් කළා.