Thursday, April 25, 2024

General line - 0115112241

අගමැතියි – වාසුයි මැතිසබේ උනුසුම් වාද විවාදයක




බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන ඉදිරි විමර්ශන නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සිදුවන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) කියා සිටියා.

එ් එ්කාබද්ධ විපක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර කළ ප‍්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්.

මෙම විමර්ශන සම්බන්ධයෙන් තමන්ගේ පාර්ශවයෙන් සිදුවිය යුතු කාර්යයන් සියල්ලම මේ වන විට අවසන් කර ඇති බවයි එහිදී අග‍්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “මගේ වගකීම මම ඉටු කරලා ඉවරයි. පුද්ගලික නීතිඥයෙකුට දුන්නත්.. එංගලන්තයේ නීතිඥයෙකුට දුන්නත් අන්තිමට මෙම නඩුව දාන්න පුළුවන් වෙන්නේ නීතිපතිතුමාට විතරයි. පක්ෂ නායකයින්ට මම කියන්නෙ නීතිපති එපා නම් වෙන කාටහරි කියලා කර ගන්න. වාසුදේව නානයක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට නීතිපතිවරයා හොඳ නැත්නම් වෙන කාවහරි හොයාගෙන දෙන්න.. සරත් සිල්වා මැතිතුමාට දුන්නත් මට කමක් නෑ..” යනුවෙනි.

මේ අතර බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශන විධිමත්ව සිදුකිරීමට නම් අග‍්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි වාසුදේව නානායක්කාර ප‍්‍රකාශ කළේ. එ් අයවැය කාරක සභා අවස්ථා විවාදයට සහභාගි වෙමින්.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම සඳහන් කළේ “නැව් එන්නෙ නැති වරායක්.. ගුවන් යානා එන්නෙ නැති ගුවන් ගොටුපලක්.. යූඑන්පී එකට ආණ්ඩුව මාරු වුණ හැටිය ඔන්න ඔක්කොම එනවා. මේ වගේ පිස්සු..බයි..කතා කියන්න එපා. අද ඇත්ත කතාව.. වරාය ගුවන්තොටුපළ සංවර්ධනය තමයි තමුන්නාන්සේලාගේ ප්‍රධාන සංවර්ධන උපාය මාර්ගය. ඒවා අද කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ ඒවා අපේ ආණ්ඩුව හදපු නිසයි.” යනුවෙනි.

(අද පාර්ලිමේන්තු විශේෂාංගය පහතින් අහන්න)