Saturday, April 27, 2024

General line - 0115112241

රුපියල් 25000 සේ දඩය වැරදි 07 කට නියම කරයි




රථවාහන වැරදි 07 ක් සඳහා වන අවම දඩය රුපියල් විසිපන්දහස දක්වා ඉහළ දැමීමට අද (21) තීරණය කෙරුණා.

එ් මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පාර්ශ්ව කිහිපයකගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදියි.

බීමත්ව රිය ධාවනය, වලංගු රියදුරු බලපත‍්‍රයක් නොමැතිව රිය ධාවනය සහ වලංගු රියදුරු බලපත‍්‍රයක් නොමැති පුද්ගලයෙකුට රථ වාහන ධාවනයට ඉඩ සැලසීම යන වැරදි සම්බන්ධයෙන් වන අවම දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමටයි එහිදී තීරණය වුණේ.

මීට අමතරව අධික වේගය, වම් පසින් ඉස්සර කිරීම, දුම්රිය හරස් මාර්ග නීති උල්ලංගණය කිරීම සහ රක්ෂණ සහතිකය නොමැතිව රිය ධාවනය යන වැරදි සම්බන්ධයෙන් අය කෙරුණු දඩයද රුපියල් විසිපන්දහස දක්වා වැඩිකර තිබෙනවා.

2016_11_21-%e0%b6%85%e0%b7%80%e0%b6%b8-%e0%b6%af%e0%b6%a9-%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd-copy dsc_6314 dsc_6328 dsc_6332 dsc_6334 dsc_6352