Thursday, March 28, 2024

General line - 0115112241

ජපාන භූ කම්පනයෙන් 5කට තුවාල – සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කෙරේ (UPDATE)




ජපානයේ ෆුකුෂිමා නගරය ආසන්නයේ සිදුවූ භූ කම්පනයෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අදාළ භූ කම්පනයත් සමග සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුණ ද ජපාන බලධාරීන් එම අනතුරු ඇඟවීම මේ වන විට ඉවත් කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

තුවාල ලැබූවන් ෆුකුෂිමා, මියාගි හා චිබා යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්. මෙම භූ කම්පනය සටහන් වූයේ මැග්නිටියුඩ් ඒකක 7.4ක් ලෙසයි.

———————————

ජපානයේ භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ.

Nov 22, 2016 @ 06:56

ජපානයේ ෆුකුෂිමා නගරය ආසන්නයේ ප‍්‍රබල භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ එය මැග්නිටියුඩ් ඒකක 7. 4ක් ලෙස සටහන්ව ඇති බවයි.

භූ කම්පනයත් සමග එම ප‍්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.