Friday, September 20, 2024

General line - 0115112241

මොලේ උණ අවදානමක් නෑ – සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්




‘ජැපනීස් එන්සෙෆලයිටීස්’ හෙවත් මොලේ උණ වසංගත තත්ත්වයක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල පැවසුවේ මොලේ උණ රෝගය ඇති කළ හැකි කුඩා මදුරු විශේෂයක් කොළඹ නගරය තුළ ව්‍යාප්ත වන බවට ඉකුත් දා පළ වූ වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

මොලේ උණ රෝගය මීට වසර 25කට පෙර අනුරාධපුරයෙන් වාර්තා වුණා. එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශය දියත් කළ එන්නත් වැඩසටහනකින් රෝගය තුරන් කිරීමට හැකි වූ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප‍්‍රකාශ කළේ.

කෙසේ වෙතත් රෝගය ව්‍යාප්ත කරන බව කියන මදුරු වාහකයා පිළිබඳ කීට විද්‍යා සමීක්ෂණයක් ආරම්භ කර ඇති බවද ඔහු අවධාරණය කළා.