Tuesday, September 17, 2024

General line - 0115112241

කුමන්ත‍්‍රණයක් නෑ, හමුදාව ගැන විශ්වාසයි




ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාව සම්බන්ධයෙන් රජය දැඩි විශ්වාසයකින් කටයුතු කරන බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවිය හැකි බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන ඉකුත් දා කළ ප‍්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.

එම ප‍්‍රකාශය හමුදාවට සිදුකළ නින්දාවක් බවද අමාත්‍යවරයා කියා සිටියා.

“සමහරු පාර්ලිමේන්තුවේ නැගිටලා කියනකොට හමුදාව කුමන්ත්‍රණයකට ලෑස්තිවෙනවා කියලා ඇත්ත වශයෙන්ම ඒක හමුදාවටත් කරන නින්දාවක් . හමුදාවේ ආත්ම ගරුත්වයට හානියක් වෙන ප්‍රකාශයක් ඒ. සටන්පාඨ නැතිවෙනකොට රට අස්ථාවර තත්ත්වයකට ගෙනියන්න වගකීමකින් තොරව මොනවහරි මවලා කියනවා. එහෙම ඉඩදෙන්න බැහැ. හමුදාව ඉන්නේ මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරන්න , මේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න ත්‍රිවිධ හමුදාවක් අපේ රටේ ඉන්නේ. ඒ හමුදාවට එහෙම අගෞරවයක් කරන මෙහෙම අදහසක් පළකරලා ඒ අයගේ වෘත්තිමයභාවය අඩුතක්සේරුවට පත්කරන්න කටයුතු කිරීම හෙළා දකින්න ඕන කාරණාවක්”.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදීයි.