Tuesday, September 17, 2024

General line - 0115112241

ආරක්ෂක ලේකම්වරයා ඉවත් කරන්නැයි ඉල්ලීමක්




ආරක්ෂක ලේකම්වරයා වහාම එම තනතුරෙන් ඉවත් කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඉල්ලීමක් කරනවා.

එහි කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය පෙන්වා දෙන්නේ ආරක්ෂක ලේකම්වරයාගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් බරපතළ ගැටලූ පවතින බවයි.

වත්මන් ආරක්ෂක ලේකම්වරයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග සබඳතා පවත්වන බවද කොළඹ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී සරත් විජේසූරිය ප‍්‍රකාශ කළා. එහිදී දැක්වූ අදහස් පහතින් දැක්වේ

“අපේ රටේ ආරක්ෂක ලේකම්වරයෙන් අලුතින් පත්වෙලා ඉන්නවා. මේ දෙවෙනි ආරක්ෂක ලේකම්වරයා අලුත් ආණ්ඩුව යටතේ. පළවෙනියට පත්කරපු ආරක්ෂක ලේකම්වරයා වැඩභාරගෙන මාධ්‍යට ඉස්සෙල්ලම කිව්වේ මොකක්ද , මට ගෝඨාභය රාජපක්ෂගේ ආශිර්වාදය තියෙනවා කියලා තමයි එයා වැඩ පටන්ගත්තේ. අපි එදා ඉඳලා මේකට අප්‍රසාදය පලකළා. ඊට පස්සේ අලුත් ආරක්ෂක ලේකම්වරයෙක් ආවා. එතුමා අර පුද්ගලයාටත් වඩා එහා ගිහිල්ලා. අද මේ සිද්දවෙන දේවල් අනුව අපට පේන්නේ ඔහු පුටුවේ වාඩිවෙලා හිටියට වැඩකරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ඔළුව. එහෙම නැත්නම් කොහොමද මේ ඇවන්ගාඩ් වගේ ගණුදෙනුවක් පිළිබඳව මේ කටයුත්ත මේ අකාරයට කල්මරන්නේ. ඒවාට සම්බන්ධ පුද්ගලයෝ කැබිනට් මණ්ඩලයෙත් ඉන්නවා. මේවා ඉතාමත්ම සංකීර්ණ ප්‍රශ්ණ. මේ රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා බරපතළ චරිතයක් කියන එක අපි ප්‍රකාශ කරලා තියෙනවා. ලිඛිතව ජනාධිපතිවරයාට අපි දැනුම් දීලා තියෙනවා. ඔහුගේ බල වයූහය ඇතුලේ සිද්ධවෙලා තියෙන දේවල් මොන විදිහකටවත් අනුමත කරන්න බැහැ. අපි ඇත්ත වශයෙන්ම ඉල්ලා සිටියා මේ ලේකම්වරයා මේ පදවියේ තියන්නට එපා”.