Tuesday, September 17, 2024

General line - 0115112241

දඩය 25000ක් ගෙවන්න වන වැරදි 7 මෙන්න




2017 අයවැය යෝජනාවලිය මගින් යෝජනා කර ඇති පරිදි රථ වාහන වැරදි සඳහා වූ දඩ මුදල් ක්‍රියාත්මක කිරීමට අදාළව තවත් සාකච්ඡාවක් මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (21) පැවැත්වුණා.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ , පොලීසිය සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගී වුණා.

එම සාකච්ඡාවේදී අවම දඩය රුපියල් 25,000 බවට පත් කිරීමේ රථ වාහන වැරදි 7ක් හඳුනා ගැනුනා.

අදාළ සාකච්ඡාවේ දී හඳුනා ගත් රථවාහන වැරැදි පහතින් දැක්වේ.

01. බීමත්ව රිය ධාවනය,

02. වලංකු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය,

03. වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයකුට රථ වාහන ධාවනයට ඉඩ සැලසීම,

04. අධික වේගය,

05. වම් පසින් ඉස්සර කිරීම,

06. දුම්රිය හරස් මාර්ග නීති උල්ලංඝනය කිරීම,

07. රක්ෂණ සහතිකය නොමැතිව රිය ධාවනය කිරීම.

මෙම වැරදි සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට මෙහි දී පොලීසිය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

පසුගිය වසර තුළ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීමේ අවස්ථා 50,000කට අධික සංඛ්‍යාවක් සහ බීමත්ව රිය පැදවීම් සම්බන්ධ වැරැදි 49,000ක් සම්බන්ධයෙන් පොලීසිය නීතියම පියවර ගෙන ඇතැයි මෙම සාකච්ඡාවේදී අනාවරණ වුණා.

මෙම දඩ මුදල් ඉහළ නැංවීම සිදු කරන්නේ කිසිසේත් ම ආදායම් අපේක්ෂාවෙන් නොවන බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක එහිදී කියා සිටියේ.

dsc_6314 dsc_6328 dsc_6332 dsc_6334 dsc_6352