Friday, September 20, 2024

General line - 0115112241

හමුදාව එපා… ආරක්ෂාවට පොලිසිය ඇති – උතුරේ මහ ඇමති කොළඹ ඇවිත් කියන කතාව




ආරක්ෂාව පොලිසිය විසින් තහවුරු කළ හැකි බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පවසනවා. ආරක්ෂාව තහවුරු කිරීමට හමුදාව අවශ්‍ය නොවන්නේදැයි මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකදීයි ඔහු ඒ බව පැවසුවේ.

උතුරේ සහ නැගෙනහිර ඇතැම් පිරිස් මහවිරු දිනය සැමරීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහි දී ප‍්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් සී. වී. විග්නේෂවරන් කියා සිටියේ මහවිරු දිනය සැමරීමට දකුණේ පිරිස් විරුද්ධ වන්නේ වෛරය නිසා බවයි.

තමන් විසින් යෝජනා කෙරුණු ෆෙඩරල් පාලන ක‍්‍රමය පිළිබඳව ද උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙහි දී අදහස් පල කළා. ඔහු පැවසුවේ ෆෙඩරල් යනු රට බෙදෙන ක‍්‍රමයක් නොව රට එකතු කිරීමට ක‍්‍රමයක් බවයි.
කොළඹ පිහිටි ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ (22) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී මෙම අදහස් පල කෙරුණා.