Friday, September 20, 2024

General line - 0115112241

හමුදාවේ චිත්ත ධෛර්ය කිසිවෙකුටත් බිඳින්න බැහැ




හමුදාවේ චිත්ත ධෛර්ය කිසිවෙකුටත් බිඳලිය නොහැකි බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ඉදිරියේ දී රට තුළ හමුදා කුමන්ත‍්‍රණයක් ඇතිවිය හැකි බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන ඉකුත් දා කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින්.

නාවික හමුදාපතිවරයා එම අදහස් පල කළේ 2016 ගාලූ කතිකාව – අන්තර්ජාතික සාගරික සම්මන්ත‍්‍රණය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදීයි. ලබන 28 සහ 29 යන දිනවල කොළඹ දී මෙම සම්මන්ත‍්‍රණය පැවැත්වීමට නියමිතයි. රටවල් 40 ක සහ ජාත්‍යන්තර සංවිධාන 12 ක නියෝජිතයින් ඊට සහභාගී වනවා. ප‍්‍රධාන තේමාව වන්නේ ‘‘ උපාය මාර්ගික සාගරික සම්බන්ධතා වර්ධනය කර ගැනීමයි’’.