Friday, September 20, 2024

General line - 0115112241

මහින්ද චීනයේ ගුංසොහු වෙත පැමිණෙයි (UPDATE)




හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (23) සවස 4.30 ට පමණ චිනයේ ගුංසොහු නගරයට පැමිණියා.

එහිදී මහින්ද රාජපක්ෂ මහතාව පිළිගැනීම සඳහා ඵම ප‍්‍රාන්තයේ තානාපතිතුමන් වන Liu Yuhe පැමිණ සිටියා.

ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ගුංසොහු පළාතේ ආණ්ඩුකාරවරයා වන Zhu xiaodan සමග  ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවා.

ආණ්ඩුකාරවරයා සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකට සහභාගි වුණා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රි ලොහාන් රත්වත්ත, හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රි ජී.එල්. පිරිස් හා  උදිත ලොකුබණ්ඩාර යන පිරිස එක්ව සිටියා.

 


මහින්ද චීනය බලා යයි

(Nov 23, 2016 @ 09:12)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සංචාරයක් සඳහා අද (23) උදෑසන චීනය බලා පිටත්ව ගියා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේ, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකුබංඩාර ද මෙම සංචාරයට එක්ව සිටිනවා.

උදෑසන 7 යි 15 ට යූ. එල්. 882 දරණ ශ‍්‍රී ලංකන් ගුවන් යානයෙන් ඔවුන් චීනය බලා පිටත්ව ගිය බවයි නෙත් නිවුස් ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ.  දෙසැම්බර් මස පළමු වන දා දක්වා මහින්ද රාජපක්ෂ මහතා චීනයේ රැඳී සිටිනු ඇති. ලබන 28 වන දා ඔහු චීන රජයේ ප‍්‍රධානීන් හමුවීමට නියමිතයි. චීනයේ විහාරස්ථාන කිහිපයක සහ වෙළදකලාප කිහිපයකද සංචාරය කිරීමට මහින්ද රාජපක්ෂ මහතා බලාපොරොත්තු වනවා.