Friday, September 20, 2024

General line - 0115112241

අමරදේවයන්ගේ තැන ගෝලයකුට




සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස සංගීත් නිපුන් සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි පත්කර තිබෙනවා. ඔහු ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් අද (23) පෙරවරුවේ ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් සහ සංගීත් නිපුන් සනත් නන්දසිරිගේ පවුලේ සාමාජිකයින් පිරිසක් එක්ව සිටි බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

මීට පෙර සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන්ය. නන්දසිරි මහතා අමරදේවයන්ගේ ප්‍රමුඛ පෙළ සිසුවකුද වනවා.