Friday, September 20, 2024

General line - 0115112241

දියවැඩියාව කියා බැසිල් කළ ඉල්ලීමටත් නීතිපති පැත්තෙන් විරෝධය




විදේශ ගමන් තහනමකට ලක්ව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කොළඹ මහාධිකරණයට අද මෝසම් 2ක් ඉදිරිපත් කළා.

ඒ තමන්ට අමෙරිකාව බලා යාමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින්.

එම මෝසම් මගින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉල්ලා සිටියේ දෙසැම්බර් මස 10 වෙනිදා සිට ලබන වසරේ මාර්තු 2 වෙනිදා කාලය තුළ තමන්ට දියවැඩියා රෝගයට ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා අමෙරිකාවට යාමට අවසර ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත් එම ඉල්ලීමට නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් විරෝධය පළ වුණා. ඒ අනුව මෙම ඉල්ලීම පිළිබඳ සලකා බැලීම සහ නීතිපතිවරයාගේ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා මෙම නඩුව දෙසැම්බර් මස 2 වෙනිදා යලි කැඳවීමට නියමිතයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමෙරිකාව බලා යාමට අවසර ඉල්ලමින් ඊයේ (22) දිනයේ ද මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඔහුට අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් පනවා ඇත්තේ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අව භාවිත කිරීමේ චෝදනා යටතේයි.