Friday, September 20, 2024

General line - 0115112241

තවත් දඩයක් වැඩි කරන්න කැබිනට් අනුමැතිය




 

මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් දැනට නියම කරනු ලබන වලංගු මගී ප‍්‍රවාහන බලපත‍්‍රයක් නොමැතිව මගී ප‍්‍රවාහනයේ යෙදෙන බස් රථ සඳහා වූ අවම දඩ මුදල රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂ දෙක දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බවයි අද (23) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක සඳහන් කළේ.