Friday, September 20, 2024

General line - 0115112241

හිටපු මැකෝත් අධිකරණයට




ඉකුත් ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල් රෙදි බෙදාදීමේ චෝදනාව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය අධිකරණයට අද (23) සාක්ෂි ලබාදුන්නා.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු එම්.බී. කරුණාතිලක ඉදිරියේයි.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට පැමිණිල්ලක් ලැබුණු බවයි.

එය වැළැක්වීමට හැකි අයුරින් කි‍්‍රයාකළ බව ද එහෙත් එම කි‍්‍රයාවලිය සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට හැකි නොවූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.