Friday, September 20, 2024

General line - 0115112241

“රාජපක්ෂ බොරු කිව්වා රාජිත කියයි” – මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ රාජිත සිරස්තලයත් කියයි




අයි.එස්. සංවිධානයට සම්බන්ධ ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් පිළිබඳ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඉකුත් දා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප‍්‍රකාශය රජයේ මතය නොවන බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අද (23) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී හෙතෙම වැඩි දුරටත් පෙන්වා දුන්නේ, ආරක්ෂක රාජ්‍ය වාර්තාවලට අනුව අයි.එස් සංවිධානයට සම්බන්ධ කිසිඳු ශ්‍රී ලාංකිකයෙකු සහ එම සංවිධානයට සම්බන්ධට පිටරටින් පැමිණ දේශන පවත්වන කිසිඳු පුද්ගලයෙකු පිළිබඳව වාර්තා වී නැති බවයි. අරාබි භාෂාව ඉගැන්වීම සඳහා විදිමත් ක්‍රමවේදයක් යටතේ දේශකයන් මෙරටට පැමිණ ඇති බවත් සඳහන් කළා.

එහිදී අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය අසත්‍යයක්දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ “දැන් මම ඔය වචනේ කිව්වාම ඕකනේ හෙට උදේ නිවුස් එක වෙන්නේ..’රාජපක්ෂ බොරු කිව්වා රාජිත කියයි’ ඕකනේ දැන් කියා ගන්න ඕනේ..මට කියන්න බැහැ කවුරුහරි ඇත්තද බොරුද කිව්වෙ කියලා. මම කිව්වේ ආරක්ෂක තොරතුරු.” යනුවෙනි.