පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවිය හැකි බවට කළ ප‍්‍රකාශයට අමාත්‍ය රාජිත සේනාරත්න අද (23) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ප‍්‍රතිචාර දැක්වූවා.
එහිදී හෙතෙම පැවසුවේ “දිනේෂ් ගුණවර්ධන බලන් හිටියේ ආණ්ඩුව වැටෙනකම්. දැන් මිනිහා හීනෙන් දැක්කද දන්නෙ නැහැ.. මිනිහා ජෙනරල් වගේ යුනිෆෝම් එකක් ගහලා..කෝප්‍රල්ලා කට්ටිය ඇවිල්ලා මිනිහට සැලියුට් ගහනවා. හමුදා කුමන්ත්‍රණයක් ආවොත් අවංකවම මිනිහා ජෙනරල් කෙනෙක් වෙනවනේ. යුනිෆෝම් එකත් අඳින්න වෙනවනේ. ඔය රැවුලත් එක්ක යුනිෆෝම් එක අඳිනවා බලන්න මටත් ආසයි ඇත්තටම. ඕවා ඔක්කොම රෑ හීනෙන් දැකලා.. උදේ නැඟිට්ටම හිතුවා කවුරුහරි ඕක කිව්වා කියලා.. දිනේෂ්ට ඒකයි වුණේ.” යනුවෙනි.