Friday, September 20, 2024

General line - 0115112241

පැවිදි දිවියට වසර 50 ක් වෙනුවෙන් පිංකම් මාලාවක්




උඩුවර ශ‍්‍රී සුධර්මාවාස මහා පිරිවෙනේ පරිවේණාධිපති පූජ්‍ය උඩුවර සෝමානන්ද හිමියන්ගේ පැවිදි දිවියට වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පිංකම් මාලාවක් සංවිධාන කර තිබෙනවා.

මෙම පිංකම් මාලාව අද (24) ආරම්භ වන බවයි උන්වහන්සේ නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මෙම පිංකම් මාලාව අවසන් වන්නේ අනිද්දා දිනයේදීයි. හෙට සහ අනිද්දා සිදුකෙරෙන පිංකම් පිළිබඳව ද මෙහිදී සිහිපත් කෙරුණා.

එහිදී හෙට දවහල් සංඝගත දක්ෂිණාවක් පිරිනැමෙන අතර ගැබිණි මව්වරුන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්ද සංවිධානය කර තිබෙනවා. පසුව එදින අටවිසි බුද්ධ පූජාවකින් පිංකම අවසන් කෙරෙණු ඇති. 26 වැනිදා පාසල් දරුවන්ට අධ්‍යාපන උපකරණ බෙදා දීමක් සහ ආශීර්වාද පූජාවක් පැවැත්වෙනු ඇති. පසුව රාත්‍රී ධර්ම දේශනාවක්ද සංවිධානය කර තිබෙනවා.

මෙම පිංකම් මාලාව සංවිධාන කෙරෙන්නේ උඩුවර ශ‍්‍රී සුධර්මාවාස මහා පිරිවෙනේයි. ඒ සඳහා සහභාගි වන්නැයි සැදැහැවත් සියලු දෙනාට ආරාධනාවක් ද කරන බව පූජ්‍ය උඩුවර සෝමානන්ද හිමියන් පැවසුවා.