Friday, September 20, 2024

General line - 0115112241

කාසල් ප්‍රයිවට් කරන්න යන බව පේනවලු




කාසල් වීදිය කාන්තා රෝහල පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් ඇතැයි නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය පවසනවා.

එහි කැඳවුම්කරු වෛද්‍ය ගිෂාන්ත දසනායක පැවසුවේ මෙවර අයවැයේ ඇතුළත් යෝජනාවකින් ඒ බව අනාවරණ වන බවයි.

ඔහු පෙන්වා දෙන්නේ, නිදහස් සෞඛ්‍ය සේවාව රට තුළ ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගීතාව මත ඉදිරි වර්ෂයේදී මෙම රෝහල නවීන තාක්ෂණයට අනුකූලව රුපියල් මිලියන 3000 ක් යොදා වැඩි දියුණු කරනු ලබන බව අයවැය තුළින් අමාත්‍යවායා සඳහන් කළ බවයි. මෙහි නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට පෞද්ගලික සහයෝගීතාවය ලබා ගැනීම කියන කරුණ මත මෙම ගැටලුව පැන නැගී ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

මාර්ග අනතුරුවලට ලක්වන්නන්ගේ ප‍්‍රතිකාර සඳහා රක්ෂණ සමාගම්වලින් මුදල් ලබාගැනීමට අයවැයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව ද මෙහිදී විවේචනය කෙරුණා.

පාසල් ළමයින් සඳහා අයවැයෙන් යෝජිත රක්ෂණ ක‍්‍රමය ද සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කිරීමේ සැලසුමේ තවත් අවස්ථාවක් බවයි වෛද්‍ය ගිෂාන්ත දසනායක වැඩිදුරටත් කියා සිටියේ.