Friday, September 20, 2024

General line - 0115112241

චණ්ඩි හතරදෙනා ගෙදර යයි




මහනුවර ජනප‍්‍රිය පාසලක් ඉදිරිපිටදී සිසුවෙකුට පහරදීම සම්බන්ධයෙන් ඊයේ (23) අත්අඩංගුවට ගැනුණු තරුණයින් හතර දෙනා පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

පොලිසිය පැවසුවේ දෙපාර්ශ්වය අතර ඇති වූ සමථයක් අනුව සැකකරුවන් මෙලෙස මුදාහළ බවයි.

ඉකුත් 21 වෙනිදා පාසල නිම වී පාසල් ගේට්ටුවෙන් පිටතට පැමිණි සිසුවෙකුට පිටස්තර කිහිපදෙනෙකු විසින් පහරදුන්නා.

ඊට අදාළ වීඩියෝවක් අන්තර්ජාලයේ ද හුවමාරු වූ නමුත් මෙම පහරදීම පිළිබඳ පොලිසියට පළමුවරට දැනුම් දුන්නේ නෙත් නිවුස් විසින්.

අනතුරුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ මෙන්ම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකගේ ද අවධානය මේ කෙරෙහි යොමු වුණා.

පහරදීම පිළිබඳ විමර්ශන ආරම්භ කෙරුණේ ඒ අනුවයි. ගැටුමට හේතු වී ඇත්තේ විනයානුකූලව කොණ්ඩය කපන්නැයි ශිෂ්‍ය නායකයෙකු කළ අවවාදයක්.