Friday, September 20, 2024

General line - 0115112241

ජනතාවට පාඩුවක් වෙන්න යනවලු




පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ටෙන්ඩර් අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් මේ වන විට කතාබහක් ඇති වී තිබෙනවා.

අදාළ ටෙන්ඩරය කැඳවා ඇත්තේ දැනට භාවිත හැඳුනුම්පත වෙනුවට අලුතින් හඳුන්වා දීමට යෝජිත විද්‍යුත් හැඳුනුම්පතට ඡායාරූප ලබාගැනීම සඳහායි.

එහිදී එක් විද්‍යුත් හැඳුනුම්පතක් වෙනුවෙන් රුපියල් 40 බැගින් වන පරිදි ටෙන්ඩරයක් ඉදිරිපත් වී තිබෙනවා. එහෙත් එම ටෙන්ඩරය නොසලකා එක් හැඳුනුම්පතක් වෙනුවෙන් රුපියල් 80 බැගින් සඳහන් වූ ටෙන්ඩරයක් අනුමත කරන ලෙස දේශපාලන බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස්. සරත් කුමාර මෙම අක‍්‍රමිකතාවට විරෝධය පළ කර ඇතැයි ද එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔහුට ස්ථාන මාරුවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි ද කැෆේ සංවිධානය කියා සිටියා.

එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පැවසුවේ අදාළ අක‍්‍රමිකතාව සිදුවුවහොත් එය ශ‍්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය වංචාවන්ගෙන් ද එකක් වනු ඇති බවයි.

උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බව ජනතා විමුක්ති පෙරමුණ ද පවසනවා. එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක සඳහන් කළේ මීට පෙර ගුවන් ගමන් බලපත්‍ර සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදීද විශාල මුදල් වංචාවන් සිදුව ඇති බවයි.