Friday, September 20, 2024

General line - 0115112241

නවක මන්ත්‍රීවරියන් තුන්දාහක් ඉදිරි ඡන්දෙන් ගේනවාලු




එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් කාන්තාවන් සඳහා අවම වශයෙන් සභික ධුර 2500 ත්, 3000 ත් අතර සංඛ්‍යාවක් ලැබෙනු ඇතැයි විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විශ්වාසය පළ කරනවා.

එහි පළාත් පාලන වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා ශ‍්‍රියානි විජේසුන්දර පැවසුවේ අලුතින් හඳුන්වා දී ඇති කෝටා ක‍්‍රමය නිසා කාන්තාවන්ට මෙවැනි වැඩි නියෝජනයක් හිමිවන බවයි.

කාන්තාවන් දේශපාලනය සම්බන්ධයෙන් වඩාත් දැනුවත් විය යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර පළාත් පාලනය පිළිබඳ කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් කුරුණෑගලදී අද (24) පැවැත්වෙනවා.

මෙම වැඩමුළුව සංවිධාන කර ඇත්තේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින්. තවත් දිස්ත‍්‍රික්ක කිහිපයක මීට පෙර මෙවැනි වැඩමුළු සංවිධානය කෙරුණා.