Friday, September 20, 2024

General line - 0115112241

වෙඩි තබා තවත් අයෙකු ඝාතනය කරයි




මිනුවන්ගොඩ පීල්ලවත්ත ප‍්‍රදේශයේ නිවාස සංකීර්ණයක් අසල අද (24) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගියා.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප‍්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.

විවිධ අපරාධ සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබූවෙකු බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සැක කරන්නේ. කෙසේ වෙතත් සැකකරුවන් කිසිවෙකු මෙතෙක් හඳුනාගෙන නැහැ.