Thursday, September 19, 2024

General line - 0115112241

දිරිය නෙත් සමාජ සත්කාර අද අගලවත්තේ(PHOTOS)




නෙත් එෆ් එම් රේඩියෝවේ දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන යටතේ සිදු කෙරෙන තවත් ව්‍යාපෘතීන් කිහිපයක් අද සිදු කෙරෙනවා.

ඒ, කළුතර, අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර  කර ගනිමින්.

මේ යටතේ පුවන්දගොඩ, පොල්ගම්පල රංජිත් සමරතුංග ඇතුළු පවුලේ සැමට නව නිවසක් ඉදිකරදීම ඉකුත් කාලසීමාවේ සිදු කෙරුණා.

අදාළ නිවසට ගෙවදීම සහ එහි යතුර රංජිත් සමරතුංග පවුලට භාරදීම අද සිදු කෙරෙනවා.

එමෙන්ම මතුගම, කුරුපිට කණිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන්ට නව වසර සදහා අවශ්‍ය පාසල් පොත් සහ උපකරණ ඛෙදාදීමද මීට සමගාමීව සිදු කෙරෙනු ඇති.

පාසල් පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු කෙරෙනවා.

15239270_1568214953205651_299391968_n 15310437_1568214956538984_2062671631_n 15319532_1568214946538985_1985750715_n