Saturday, September 21, 2024

General line - 0115112241

පොලිස්පති වැරදියි – කරුණු විමසනවා




ඊයේ රත්නපුර ප්‍රදේශයේ පැවති ප්‍රසිද්ධ රැස්වීමක් ආමන්ත්‍රණය කරමින් සිටි පොලිස්පතිවරයා හැසිරුණු අන්දම වැරදි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා

පොලිස්පතිවරයාගේ හැසිරීම තමන්ද මාධ්‍ය මගින් දුටු බවත් එසේ හැසිරීම වැරදි බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමක් කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

අද (01) පාර්ලිමේන්තුවේදී විමලවීර දිසානායක මන්ත්‍රීවරයා විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

රත්නපුර පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී පොලිස්පති පූජිත ජයසුන්දරගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබෙන අතර එම ඇමතුමට ප්‍රතිචාර දක්වන පොලිස්පතිවරයා කියන ඇතැම් දේ එම ස්ථානයේ පැවති මයික්‍රෆෝන මගින් සියලුදෙනාටම ඇසුනු අතර එය ජනමාධ්‍ය මගින්ද ප්‍රකාශයට පත්වුණා.

එහිදී “ගුඩ් මොර්නිං සර්.. හදිසි කාරණයක්ද? සර්.. නිලමේස් මැටර්. ඒ ටික මට හම්බවෙනවා සර්.. මම ඇවිල්ලා සර්ව හම්බවෙන්නම්.. අනිවාර්යයෙන් සර් ඇරස්ට් වෙන්නෙ නැහැ..මම ඒක පැහැදිළිව කිව්වා..ඩිරෙක්ටර්ට. මගෙන් අහලා අවසරයක් නැතිව නිකරුණේ ඇරස්ට් කරන්න එපා කියලා.. රයිට් සර්..තැන්ක්යූ සර්..” යනුවෙන් ඔහු දුරකතනයට පිළිතුරු ලබා දුන්නා.