Thursday, September 19, 2024

General line - 0115112241

වෙඩි තැබීමකින් එකම පවුලේ මව, පියා සහ පුතු මරුට




අම්බලන්ගොඩ මාදම්පේ ඉඩම්තොට ප‍්‍රදේශයේදී ඊයේ (05) රාත‍්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් එකම පවුලේ මව, පියා සහ සිව් හැවිරිදි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඊයේ රාත‍්‍රී 10.00ට පමණ යතුරුපැදිවලින් පැමිණි පිරිසක් ටී 56 ස්වයංක‍්‍රීය ගිනිඅවිවලින් වෙඩි තබා පලාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 35 හැවිරිදි ඉන්දික සොයිසා, ඔහුගේ බිරිඳ වන 27 හැවිරිදි දේවිකා ද සොයිසා සහ එම යුවළගේ පුත‍්‍රයා වන සිව් හැවිරිදි රන්දික ද සොයිසායි.

අම්බලන්ගොඩ ඉඩම්තොට ප‍්‍රදේශයේ ඔවුන්ට අයත් වෙළෙඳසැලක් ඉදිරිපිටදී වෙඩි තැබීම සිදුකර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. වෙඩි තැබීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.