Tuesday, December 24, 2024

General line - 0115112241

ජයලලිතාගේ දේහය මිහිදන් කෙරෙයි




තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06) පස්වරුවේ චෙන්නායි හි මරීනා වෙරළ තීරය ආසන්නයේදී සිදු කෙරුණා.

ආචාර වෙඩිමුර මැද රැස්ව සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සෝ සුසුම් මධ්‍යයේ එම කටයුතු සිදු වුණා.

15267526_1265396363499236_1183694284024875503_n 15267972_1265453780160161_2959753187759302022_n 15319171_1265453763493496_5303574734245043164_n 15326399_1265396296832576_526013916351414696_n 15355732_1265453740160165_8167523205413185895_n 15390653_1265396203499252_943631347449091513_n 15390980_1265396250165914_4851276347808842426_n


ජයලලිතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇරඹෙයි 

(Dec 6, 2016 @ 17:13)

අභාවප‍්‍රාප්ත තමිල්නාඩු හිටපු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.

වීදුරු පෙට්ටියක තැන්පත් කර ඇති ඇගේ දේහය, අවසන් කටයුතු සිදු කෙරන ස්ථානය වෙත රැගෙන යමින් සිටිනවා.

දේහය රැගෙන ආ මාර්ගය දෙපසට රැස්වූ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ජයලලිතාට අවසන් ගෞරව දැක්වන ආකාරය ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අවසන් කටයුතු පැවත්වෙන ස්ථානය අවට දැඩි පොලිස් රැකවල් යොදා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අභාවප‍්‍රාප්ත තමිල්නාඩු හිටපු මහඇමතිනී ජයලලිතා ජයරාම් වෙනුවෙන් තමිල්නාඩු ප‍්‍රාන්තයේ දින 7ක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

තමිල්නාඩුවේ පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන දින 3ක කාලයකට වසා දැමුණා. රජයේ කාර්යාලයද වසා දමා ඇත්තේ ඇයට අවසන් ගෞරව දැක්වීමේ අරමුණින්. අද දවස පුරා තමිල්නාඩු දේශපාලනඥයින්, දමිල සිනමා තරු ඇතුළු විශාල පිරිසක් ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වූවා.