Tuesday, December 24, 2024

General line - 0115112241

‘ශ්‍රී ලංකාවේ දමිළ ජනයාත් කම්පා වුණා’ – ඩග්ලස් දේවානන්දා




තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවය පිළිබඳ පුවත අසා ශ්‍රී ලංකාවේ සියලුම දමිළ ජනතාව ශෝකයට හා කම්පනයට පත් වූ බව ශී‍්‍ර ලංකාවේ දමිල දේශපාලනඥයෙකු වන ඩග්ලස් දේවානන්දා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් ශ්‍රී ලාංකික දමිළ ජනතාව වෙනුවෙන් හඬ නැගූ බවයි.

අද (06) පස්වරුවේ ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළා.