Friday, March 29, 2024

General line - 0115112241

‘TNA’ අභ්‍යන්තරය කැළඹෙයි




උතුරු නැගෙනහිර එක් නොකරන බවටත්, බුද්ධාගම පමණක් රාජ්‍ය ආගම කරන බවටත්, පලවන ප‍්‍රකාශ හේතුවෙන් දෙමළ ජනතාවගේ අපේක්ෂා බිඳ වැටී ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එහි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් පවසන්නේ මේ හේතුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන සහ එම්. ඒ. සුමන්තිරන් මන්ත‍්‍රීවරයා වහාම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

පසුව රජය සමග යළි සාකච්ඡා කර රජයේ ස්ථාවරය වෙනස් කර ගැනීමට උත්සහ කළ යුතු බවයි ඔහු අවධාරණය කර ඇත්තේ. සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් හිටපු මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ යාපනයේ දී මාධ්‍ය අමතමින්.

දෙමළ ජනතාව අපේක්ෂා කරන්නේ උතුරු නැගෙනහිර එක්කර තම අයිතිවාසිකම් ආරක්ෂා වන බලය බෙදා හැරීමේ ක‍්‍රමයක් බවට දැනටමත් දෙමළ ජාතික සන්ධානය රජයට දැනුම් දී තිබෙනවා. එසේ තිබියදීත් රජයේ ඇතැම් පිරිස් නව ව්‍යවස්ථාව පිළිබඳ සිය ස්ථාවරය දැනුම් දීමේ දී දෙමළ ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදීම ඔවුන් නොසලකා හැරීමක් බවයි හිටපු මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ව්‍යවස්ථා සංශෝධනයේ දී එවැන්නක් සිදු කරන බවට රජය පොරොන්දු වී දැන් එය නොකිරීම බරපතල අසාධාරණයක් බව ද ඔහු පවසනවා. එවැනි අවස්ථාවක ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ දෙමළ නායකයින් තවදුරටත් රැඳී සිටීම ලැජ්ජාවට කරුණක් බවයි සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් හිටපු මන්ත‍්‍රීවරයා අවධාරණය කර ඇත්තේ.